මත්කුඩු ජාවාරමේ යෙදුණ මොරටුවේ ට්‍රේලා අඟුලානේදී අල්ලයි

විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී, මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක් පමණ වයසැති මොරටුවෙ ට්‍රේලා නැමැති පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු සමග අඟුලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ග්‍රෑම් 09 මිලි ග්‍රෑම් 900 ක හෙරොයින් මත්ද්‍රව්‍ය හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 37,900 ක මුදල් ද, මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන තිබේ.
මොහු ඩුබායි රාජ්‍යයේ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ගේ ගෝලයකු බව අනාවරණය වී ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඟුලාන පොලිසිය වෙත භාර දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටී.
286 Views
Comments