FEB
01
පෙට්‍රල් මිල ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400ක් දක්වා ඉහළ යයි.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 30කින් ඉහළ දමා තිබේ.
408 Views
Comments