IMF සංවිධානයෙන් ඉවත් වීම අදුරදර්ශී තීරණයක් - ජනාධිපති කියයි

2020 වසරේ දී ශ්‍රී ලංකාව IMF සංවිධානයෙන් ඉවත් වීම දේශපාලනික වශයෙන් ගන්නා ලද ඉතාමත් අදුරදර්ශී තීරණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
එම තීරණය පවතින බරපතළ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දෙන ජනාධිපතිවරයා දැනට පවතින සැලසුමට අනුව ක්‍රියාත්මක වුවහොත් 2020 වසර වන විට බංකොලොත් භාවයෙන් මුළුමනින්ම මිදිය හැකි බව කියා සිටියේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද කියා සිටි ජනාධිපතිවරයා එම ක්‍රියාවලියට අතිරේක සහායක් ලබා ගත හැක්කේ IMF හරහා පමණක් බවද අවධාරණය කර සිටියේය.
ඒ හැර වෙනත් විකල්ප තිබේනම් සභාවට ඉදිරිපත් කරන ලෙසද කියා සිටි ජනාධිපතිවරයා, සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත් දැනට ඉතිරිව ඇත්තේ ණය තිරසර කරලීමේ වැඩපිළිවෙළ පමණක් බවත් කියා සිටියේය.
209 Views
Comments