අමරකීර්ති ඝාතනයේ සැකකරුවෙක් පිළිකාවකින් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

අමරකීර්ති ඝාතනයේ සැකකරුවෙක් පිළිකාවකින් මරුට

අමරකීර්ති ඝාතනයේ සැකකරුවෙක් පිළිකාවකින් මරුට

පසුගිය වසරේ මැයි 09 වන දා ඇතිවූ අරගලයේ ගැටුම් මැද නිට්ටඹුව නගරයේ දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතනයේ එක් සැකකරුවෙක් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව ආරංචි මාර්ග වාර්තා කර සිටී.

 

මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි හෙන්දාවිතාරණ නිපුන බුද්ධික නම් හිටපු යුධ හමුදා සෙබළෙකි.

 

මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු ඔහුට වැළඳී තිබුණු පිළිකා රෝගය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි අතර, ප්‍රතිකාර ලබන අතරවාරයේ මියගොස් තිබේ.

views

226 Views

Comments

arrow-up