AUG
21
IS සමග සබඳතා පැවැත්වූ 4ක් අත්අඩංගුවට

IS ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සමත් වී තිබෙනවා.
මෙම පිරිස කිලාෆා නමැති පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් සිට ඇති අතර කේරලයේ රහසිගත රැස්වීම් පවත්වා තහනම් සංවිධානවලට පිරිස් බඳවා ගැනීමට අදාළ සඟරා, වීඩියෝ දර්ශන බෙදා හැර තිබෙනවා.
එමෙන්ම මෙම පිරිස ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් වන ජාතික තව්හිද් ජමාත් සංවිධානය ඇතුළු තහනම් සංවිධාන සමඟ ද සබඳතා පවත්වා ඇති බවයි වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ.
204 Views
Comments