හොර වෙදුන් ගැන මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය අවධානයෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

හොර වෙදුන් ගැන මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය අවධානයෙන්

හොර වෙදුන් ගැන මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය අවධානයෙන්

විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටි බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව සුදුසුකම් ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරුන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ ලේඛනය භාවිත කරන ලෙසද ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඇතැම් අවස්ථාවල මනෝ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය වැරදි ලෙස අර්ථ ගැන්වී ඇති අතර එමඟින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හඳුනා ගැනීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය වී ඇති බවයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

views

189 Views

Comments

arrow-up