නව ජන හා නිවාස සංගණනයක්

වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මෙම වසරේ දී සහ එළඹෙන වසරේ දී පැවැත්වීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
මෙම සංගණනය 2021 වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එහි සැලසුම් කටයුතු වලට බලපෑම් එල්ල වී තිබුණා.
මේ අනුව සංගණන කාණ්ඩ පිළිබඳ විස්තර තහවුරු කිරීම, සංගණන කවයන් වෙන් කිරීම, උපදෙස් අත්පොත් සහ වෙනත් අවශ්‍ය ලියකියවිලි සකස් කිරීම, සංගණන තොරතුරු කාඩ් පත මුද්‍රණය කිරීම, සංගණන ලේබල් මුද්‍රණය කිරීම ඇතුළු ඊට අදාළ කටයුතු මේ වන විට සිදුකර අවසන්.
244 Views
Comments