“නැව එන දවසක් කියන්න බෑ, වෙච්ච වැරැද්දට සමාවෙන්න” - බලශක්ති ඇමති

අද මෙරටට පැමිණීමට නියමිතව තිබු පෙට්ට්‍රල් නෞකාවේ පැමිණීම තවදුරටත් ප්‍රමාදවන බවට අදාළ සැපයුම්කරු විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම්දී ඇතැයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් පෙට්ට්‍රල් නෞකාව ඊයේ(24) මෙරටට ළඟා වීමට තිබු බවත් එය අද දිනය දක්වා ප්‍රමාද වන බවත් ඊයේ දිනයේදී බලශක්ති අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේය.
මේ අතර මෙම නෞකාව මෙරටට පැමිණෙන නිශ්චිත දිනය ගැන යාවත්කාලින කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම ඊයේ දිනයේදී නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ලබාදුන් යාවත්කාලීන කිරීම සහ ප්‍රමාදය ගැන සමාව අයැද සිටින බවත් බලශක්ති අමාත්‍යවරයා පැවසීය.
269 Views
Comments