ඉන්ෆ්ලුවන්සා වැඩිහිටියන් අතරත් පැතිරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

ඉන්ෆ්ලුවන්සා වැඩිහිටියන් අතරත් පැතිරේ

ඉන්ෆ්ලුවන්සා වැඩිහිටියන් අතරත් පැතිරේ

මේ දිනවල දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන ඉන්ෆ්ලුවන්සා රෝගය වැඩිහිටියන් අතරත් පැතිර යන බව වෛද්‍ය අංශ පවසනවා.

 

ඒ අනුව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටින්නේ වයස අවුරුදු 60 ඉක්මවූ හා නිධන්ගත රෝගවලින් පෙලෙන පුද්ගලයන්ට මෙම රෝගය උත්සන්න වන බවයි.

 

උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, සොටු දියර ගැලීම, කැස්ස හා ආහාර රුචිය මෙම රෝගයේ රෝග ලක්ශණ වන අතර ඇතැම්විට වමනයද ඇති විය හැකි බවයි ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

views

254 Views

Comments

arrow-up