හෙට සිට බූස්ටර් එන්නත ලබාදීම ඇරඹේ

මෙරට පුද්ගලයින් සඳහා තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදීම හෙටින්(01) ආරම්භ වන අතර පළමුවෙන්ම එන්නත් ලැබෙන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටයි.
බූස්ටර් එන්නත ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතය.
ඒ සම්බන්ධව අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,
“බූස්ටර් එන්නත ලබාදෙන්නේ තමන්ගේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 6කට පසුවයි.
ඉස්සෙල්ලාම ලැබෙන්නේ රෝගීන් එක්ක ඉදිරිපෙළ ගැටෙන සෞඛ්‍ය සේවකයින්ට, ත්‍රිවිධ හමුදාවට.
ගුවන්තොටුපොළ, වරාය, සංචාරක කර්මාන්තයේ සිටින අයටත් ලබා දෙනවා.
ඊට පසුව අපි අවුරුදු 60ට වැඩි අයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පසු 30ත් 60ත් අතර විවිධ රෝගාබාධ ඇති අයට.
ඉන්පසුව අවුරුදු 20ට වැඩි සියලුම අයට අපි බූස්ටර් එන්නත ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.”
මේ අතර එන්නත්කරණ වැඩසටහන තවදුරටත් දිවයින පුරාම ක්‍රියාත්මකය.
මේ දක්වා එන්නත් මාත්‍රා දෙකම ලැබූ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි 34 ලක්ෂ 60,092කි.
714 Views
Comments