ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට එල්ලවූ අලු‍ත් අභියෝගය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට එල්ලවූ අලු‍ත් අභියෝගය

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට එල්ලවූ අලු‍ත් අභියෝගය

අද(25) දිනයේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේය.

 

අද(25) ගුරු -විදුහල්පතිවරු පාසල්වල සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති අතර පස්වරු 2.00ට එම විරෝධතාවය පැවැත්වීමට නියමිතව ඇත.

 

ඊයේ(24) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ගුරු සංගමයේ ලේකම්වරයා ඒ බව පැවසුවේය.

 

“පාසල් කටයුතු පටන් ගත්තාම, හෙට පස්වරු 2.00ට අපි කොටුව දුම්රියපොළ ඉදිරියේ උද්ඝෝෂණයක් පවත්වනවා. රට පුරා සෑම නගරයකම අපි උද්ඝෝෂණ සංවිධානය කරනවා.”‍

 

මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ආණ්ඩුවට අලු‍ත් අභියෝගයක් කරන බවයි.

 

“හෙට දවසේ 1-5 ශ්‍රේණිවල ගුරුවරු සේවයට වාර්තා කරනවා. නමුත් පළාත් අතරේ ගුරුවරුන්ට යන්න පහසුකම් නෑ.

සොච්චම් වැටුපෙන් ත්‍රීවිල් හයර් කරන්නත් බෑ. පොදු ප්‍රවාහනය යළි සක්‍රීය වෙනතෙක් ඒ ගුරුවරුන්ට නිවාඩු දෙන්න ඕනේ.

පුළුවන් නම් එක ගුරුවරයෙකුගේ විදුහල්පතිවරයෙකුගේ වැටුප නතර කරලා පෙන්වන්න නොවැම්බර් මාසේ.

ඔන්න දැන් අපේ අභියෝගය. පාසල් යමින් උගන්වමින් අරගලය පෙරට.

පහසුකම් දෙනතුරු ඔන්ලයින් අධ්‍යාපනයේ අපි නියැලෙන්නේ නෑ, 7.30යි 1.30 අතරේ දරුවන්ගේ කටයුතු පමණයි.”‍

views

831 Views

Comments

arrow-up