ප්‍රදේශ කිහිපයකට වැසි - මුහුදු ප්‍රදේශද මදක් රලුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

ප්‍රදේශ කිහිපයකට වැසි - මුහුදු ප්‍රදේශද මදක් රලුවේ

ප්‍රදේශ කිහිපයකට වැසි - මුහුදු ප්‍රදේශද මදක් රලුවේ

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (30-40) දක්වා වැඩි විය හැක.

 

කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.(60-65) පමණ දක්වා වැඩි විය අතර ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා වැඩි විය හැක.

 

පුත්තලම සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.ගාල්ල සිට මාතර   සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විටරළු විය හැකිඅතර සෙසු මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැක.

 

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ විටින් විට මීටර්(2.5-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවති.

 

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

views

746 Views

Comments

arrow-up