සෙල්ලං පිස්තෝලයක් පෙන්වා සුවිසල් නිවාස කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට

ගල්කිස්ස, මොරටුව යන පොලිස් වසම්වල ගෙවල් බිඳිමින් දේපළ සොරාගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයෙකු මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයා මුහුණ සහ අත් පා ආවරණය කරගෙන සෙල්ලං පිස්තෝලයක් රැගෙන රාත්‍රී කාලයේදී මෝටර් රථයකින් ගොස් එලෙස ගෙවල් බිඳ දේපළ සොරාගෙන ඇති බව වාර්තාවේ.
සැකකරු ගල්කිස්ස සහ මොරටුව ප්‍රදේශයේ සුවිසල් නිවාස 08කට ඇතුළුවී රන් භාණ්ඩ, විදුලි උපකරණ ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොරාගෙන ඇතැයි පොලීසිය පවසයි.
එම පුද්ගලයා රාත්‍රී කාලයේදී සුවිසල් නිවාස අසල ගැවසෙන ආකාරය සී.සී.ටී.වී කැමරාවලද සටහන්වී තිබේ.
අත්අඩංගුවට ගත් 51 හැවිරිදි සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ සොරකම් නඩු සම්බන්ධයෙන් වසර 14ක් සිරගතව සිට ඉන් වසර දෙකකට පෙර නිදහස ලැබූ අයෙක් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
සැකකරු සමඟ සමීප සබඳතා පැවැත්වූ කාන්තාවන් තිදෙනෙකු සම්බන්ධයෙන්ද පොලීසියට කරුණු වාර්තා වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
790 Views
Comments