OCT
25
කොවිඩ් මරුවා තවත් දහඅටකගේ ජීවිත බිලිගනී

කොවිඩ් ආසාදිතව සිටි තවත් 18 දෙනෙකු ඊයේ(24) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.
ඒත් සමඟ මෙරටින් වාර්තාවූ මුළු කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,611දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය අයගෙන් 12 ක් වයස අවුරුදු 60ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර පස් දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක්ද ඒ අතර සිටිති.
පිරිමි අය 10 දෙනකු සහ කාන්තාවන් 8 දෙනෙකු මියගිය පිරිසට අයත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ සඳහන්ව ඇත.
757 Views
Comments