ප්‍රියන්තගේ වැටුප අඛණ්ඩව - ඔහුව බේරාගැනීමට උත්සහ කළ මලික් අද්නාන්ට “තම්ගා අයි ෂුජාත්” සම්මාන

පාකිස්තානයේ සියල්කෝට්හි අමානුෂික ආකාරයට ඝාතනයට ලක්වු ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත ඇමරිකානු ඩොලර් ලක්ෂයක වන්දියක් (රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක්) ගෙවීමටත්, ඔහුගේ වේතනය අඛණ්ඩව ලබා දීමටත් පාකිස්ථානය තීරණය කර තිබේ.
ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර තිබෙන අතර මේ වනවිට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එම අරමුදල සඳහා එකතු වී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර අමානුශික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහු පවුලේ උදවිය සඳහා නොකඩවා ලබාදීමට කටයුතු කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ(07) පවසා සිටියේය.
මියගිය ලාංකිකයා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ උත්සවයකට එක්වෙමින් පකිස්තාන අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
එලෙසම ඔහු පවසා තිබෙන්නේ එම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ට කිසි බුරුලක් ලබා නොදෙන බවයි.
එම උත්සවය අවසානයේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් මිය ගිය ප්‍රියන්ත කුමාර මහතා බේරා ගැනීමට උත්සාහ දැරූ පකිස්තාන ජාතික මලික් අද්නාන් වෙත එරට සිවිල් වැසියකුට පිරිනමන දෙවැනි උසස් සිවිල් සම්මානය වන “තම්ගා අයි ෂුජාත්” සම්මාන පිරිනැමීය.
4062 Views
Comments