කොවිඩ් නසන්න පාරට බැස්ස වැලිපැන්න පොලිසිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

කොවිඩ් නසන්න පාරට බැස්ස වැලිපැන්න පොලිසිය

කොවිඩ් නසන්න පාරට බැස්ස වැලිපැන්න පොලිසිය

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම උදෙසා ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ(30) වැලිපැන්න පොලිසිය විසින් සංවිධානය කර තිබිණි.

 

''උපදෙස් පිළිපදිමු ජීවිත සුරකිමු..”‍, පැරදුනු කොවිඩ් තුරන් කරමු...”‍, මාස්ක් එක හරියට දාමු නැත්තං සොරි..”‍ ලෙස සඳහන් පුවරු අතැතිව පොලිස් නිලධාරීන් පිරිසක් අලූ‍ත්ගම මතුගම මාර්ගයේ වැලිපැන්න නගර මධ්‍යයේ ජනතාව දැනුවත් කලහ.

 

වැලිපැන්න වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංගල රත්නවීර මහතාගේ මූලිකත්වයෙන් වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ජනතාව දැනුවත් කිරීමට අත් පත්‍රිකාද මෙහිදී බෙදාදෙන ලදී.

views

733 Views

Comments

arrow-up