මාවනැල්ලේ නිවසක එළ ගවයින් අටක් මරා දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

මාවනැල්ලේ නිවසක එළ ගවයින් අටක් මරා දමයි

මාවනැල්ලේ නිවසක එළ ගවයින් අටක් මරා දමයි

මාවනැල්ල - හෙම්මාතගම මාර්ගයේ තිරිංගදෙණිය ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස ගවයින් අට දෙනෙකු ඝාතනය කොට තිබියදී සැකකරුවන් හතරදෙනකු  අත්අඩංගුවට ගැනුණු බව විශේෂ කාර්ය බළකායේ කෑගල්ල කඳවුර පවසයි.

 

ලද තොරතුරක⁣ට අනුව නිලධාරින් කණ්ඩායමක් අදාල ස්ථානයට ගොස් තිබුණි.

 

එහිදී නිවසක් තුල බලපත්‍ර නොමැතිව ඝාතනය කරන ලද ගවයින් අට දෙනෙකුගේ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබේ.

 

ඝාතනය කල සතුන් අට දෙනා අතර එක් පිරිමි සතෙක්ද සෙසු හත් දෙනා ගැහැනු සතුන් බවද පොලිසිය පවසයි. පැටවෙකු බිහි කිරීමට ආසන්නව සිටි එළදෙනක්ද ඝාතනය කොට තිබුණු බවත් පැටවා පිටත ගෙන තිබුණු බවත් පොලිසිය සඳහන් කරයි.

 

සෙසු එළදෙනුන් පරීක්ෂා කල මාවනැල්ල පශු වෛද්‍යවරිය පැවසුවේ ඔවුන්ටද කුඩා වය⁣සේ පැටව් සිටිය හැකි බවයි.

 

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

885 Views

Comments

arrow-up