සජබ පැවැත්වූ විරෝධතාවය ගැන පොලිසිය ගත් තීරණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

සජබ පැවැත්වූ විරෝධතාවය ගැන පොලිසිය ගත් තීරණය

සජබ පැවැත්වූ විරෝධතාවය ගැන පොලිසිය ගත් තීරණය

සමගි ජන බලවේගය විසින් පවත්වනු ලැබූ විරෝධතාවයේ සංවිධායකයන්ට එරෙහිව අවශ්‍ය කරන නිතීමය ක්‍රීයාමාර්ග ඉදිරියේදී ගන්නා බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිහාල් තල්දූව මහතා,

“අද දවසේ කොළඹ නගරයේ විරෝධතා රැලියක් පැවැත් වුණා. එම රැලියට සහභාගී වූ පිරිස් නිරෝධායන නීතිරීති කඩකරමින්,

පසුගියදා ගැසට් පත්‍රයකින් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය මාර්ග උපදේශ කඩකරමින් කටයුතු කිරීම මත,

එම කටයුතු සංවිධානය කරනු ලැබූ අයට විරුද්ධව පොලීසිය විසින් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා.”‍

views

708 Views

Comments

arrow-up