”ආණ්ඩුවත් දැන් වළිගය නැති ගොනා වැනි” – ගම්මන්පිල
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

”ආණ්ඩුවත් දැන් වළිගය නැති ගොනා වැනි” – ගම්මන්පිල

”ආණ්ඩුවත් දැන් වළිගය නැති ගොනා වැනි” – ගම්මන්පිල

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය හමුවකදී සදහන් කළේ ඇතැම් ප්‍රදේශවලට භූමිතෙල් විකිණීම සීමා කිරීමට සිදුව ඇති බවයි.

 

 

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර උඳුන් , බෝට්ටු පමණක් නොව, බස් රථ පවා මේ දිනවල භූමිතෙල්වලින් ධාවනය කිරීම අරඹා ඇති බවයි.

 

 

තව ද දිනකට ඛනිජ තෙල් සංස්ථාව භූමිතෙල් විකිණිමෙන් රු. මිලියන 23 ක පාඩුවක් දරන බව ත් ධීවරයන්ට හා ගොවීන්ට ලබා දි ඇති   සහනය ව්‍යාපාරික ප්‍රජාව අවභාවිත කිරීමට පෙළඹුණ හොත් අත්‍යාවශ්‍ය පිරිසට හෝ එම සහනය  ලබා දීමට නොහැකි වනු ඇතැයි, අමාත්‍යවරයා සඳහන් කළේ ය.

views

788 Views

Comments

arrow-up