අංගොඩ ලොක්කාගේ ගෝලයා වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයකු වන මිළින්ද නැමැති පුද්ගලයා පසුගිය 26 වැනිදා අංගොඩ දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයෙන් පසුව වෙඩි තැබීම කළ ගිනි අවිය වෙඩි තැබීම කල සැකකරුවන්ගෙන් ලබා ගෙන ඇත්තේ මෙම පුද්ගලයින් දෙදෙනා බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මොවුන් දෙදෙනා යතුරු පැදියකින් පැමිණ මහමෙව්නාව අසලදී මෙම ගිනි අවිය භාරගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 20 සහ 21 යන වයස්වල පසුවන අතර ඔවුන් වැලිවිට සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ඝාතනයට යොදා ගත් පිස්තෝලය තවමත් සොයාගෙන නොමැත
813 Views
Comments