පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් - සවස් කාලයේ ගිගුරුම් සහිත තද වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් - සවස් කාලයේ ගිගුරුම් සහිත තද වැසි

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් - සවස් කාලයේ ගිගුරුම් සහිත තද වැසි

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ කාලගුණයට බලපෑම් ඇති කරනු ඇත.

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

 

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලඋදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (15-25) පමණ වේ. ගාල්ල සිට   හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (30-40) පමණ දක්වා වැඩි විය හැක.

 

ගාල්ල සිට   හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

746 Views

Comments

arrow-up