මුහුදුබඩ දුම්රිය මාර්ගයේ යකඩ ඇණ ගලවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ යකඩ ඇණ ගලවයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ යකඩ ඇණ ගලවයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට ප්‍රදේශයේදී මාර්ගයේ යකඩ ඇණ විශාල ප්‍රමාණයක් ගලවා ඇතැයි දුම්රිය ආරක්ෂක සේවාවේ නිලධාරින් සහ මාර්ග අංශයේ නිලධාරින් පොලිසියට පැමිණිලි කර තිබේ.

 

පසුගිය දින දෙකක කාලයේ ගිංතොට දුම්රියපොළ අසල සිට පාලම දක්වා කොටසේ ඇණ 70ක් හා පාලම අසල සිට රත්ගම දෙසට ඇණ 42ක් මෙලෙස ගලවා ඇතැයි වාර්තාවේ.

 

දුම්රිය ආරක්ෂක අංශ නිලධාරියෙකු සඳහන් කළේ කොන්ක්‍රීට් සිල්පර කොටයට රේල් පීල්ල සවි කරනු ලබන ඇණ මෙලෙස ගලවා ඇති අතර ඒ ප්‍රදේශයේ අවට ඇති සියලූ‍ පරණ යකඩ බඩු එකතු කිරීම් ස්ථාන පරීක්ෂා කළත් මෙම ඇණ සොයාගත නොහැකිවූ බවයි.

 

මීට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගාල්ල සහ රත්ගම පොලිස් ස්ථාන විසින් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

views

772 Views

Comments

arrow-up