OCT
20
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහලට

පාසල් ළමයින් ප්‍රවාහනය කරන සංගම් විසින් ඒ සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ රථවාහන අමතර කොටස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම සහ මීට පෙර ඉන්ධන මිල ඉහළ යාමේදී සිය ගාස්තු ඉහළ නොදැමීම පදනම් කර ගනිමින්.
ඒ අනුව, ඉදිරියේදී පාසල් විවෘත කිරීමට කටයුතු කිරීමත් සමඟ මෙලෙස ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල්ලී ද සිල්වා කියා සිටියේ.
673 Views
Comments