කිරි තේ රු 70යි -ප්ලේන්ටියක් රු 30යි – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමෙන් වැඩිවූ කෑම මිල ගණන් මෙන්න

අසාධාරණ ලෙස ගෑස්, පාන්පිටි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ දමා ඇති හෙයින් බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි බේකරි හිමියන් සහ ආපනශාලා හිමියෝ සඳහන් කරනවා.
කිරිපිටි මිල ඉහළ ගොස් ඇති නිසා කිරි තේ කෝප්පයක මිල රුපියල් 70ක් සහ ප්ලේන්ටියක මිල රුපියල් 30ක් වනු ඇති.
ඊට අමතරව බේකරි නිෂ්පාදන ගණයට වැටෙන රෝල්ස්, පැටිස්, බිත්තර බනිස්, මාළු බනිස් වැනි නිෂ්පාදනද රුපියල් 5කින් වැඩි කිරීමට ආපනශාලා හිමියන් තීරණය කර ඇත.
ඒ අනුව දැනට රුපියල් 40ත් 50ත් අතර මිලකට අලෙවි වන රෝල්ස් 1ක මිල රුපියල් 55ත් 60ත් අතර මිලකටත් රුපියල් 45ත් 60ත් අතර ප්‍රමාණයකට අලෙවි වන බිත්තර රෝල්ස් එකක් රුපියල් 50ත් 65ත් අතර මිලකටත් ඉදිරියේදී අලෙවි කිරීමට සිදුවන බවයි බේකරි නිෂ්පාදකයෝ සඳහන් කරන්නේ.
ගෑස් මිල ඉහළ දැමීම නිසා ෆ්‍රයිඩ් රයිස් හා කොත්තුවල මිල රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවද ඒ අනුව සාමාන්‍ය එළවළු කොත්තුවක හා එළවළු ෆ්‍රයිඩ් රයිස් එකක නව මිල රුපියල් 200ක් පමණ වන බවද ආපනශාලා හිමියන් පවසනවා.
මේ අතර එළවළු බත් පැකට්ටුවක් රුපියල් 160ක් දක්වාද, මාළු බත් පැකට්ටුව රුපියල් 180 දක්වාද, කුකුළු මස් බත් පැක්ට්ටුවක් රුපියල් 240 දක්වාද වැඩි වන බව ආපනශාලා හිමියෝ පවසනවා.
පාන් රාත්තලක් රුපියල් 65ක් වන අතර බනිස් ගෙඩියක මිල රුපියල් 50 දක්වා ඉහළ යන බවත් මීට අතරව කේක් කිලෝග්‍රෑමයක්ද රුපියල් 50කින් පමණ වැඩිවනු ඇතැයිද සඳහන් වනවා.
ඒ අනුව රුපියල් 700ක් පමණ මිලකට අලෙවි වන සාමාන්‍ය බටර් කේක් කිලෝග්‍රෑමයක මිල රුපියල් 750ක් පමණ මිලකට ඉදිරියේදී අලෙවි වීමට නියමිතයි .
Sorce :- live@8
958 Views
Comments