දැරියකට අසමජ්ජාති වැඩක් කල ගම්පහ උත්පලවන්නා දේවාලයේ කපුවා අත්අඩංගුවට

අවුරුදු දහසයයි මාස අටක් වයසැති දැරියක් රවටා ලිංගික අතවර කළ කපුවෙකුව මෙම මස 25 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ(12) නියම කලේය.
උත්පලවන්නා පුදබිම නමින් ගම්පහ සිරිමල් උයන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන “සාධු” යන නාමයකින් හැඳින්වෙන 32 හැවිරිදි දෙදරු පියෙකු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
අපල දුරුකර ගැනීම සඳහා මව සහ ඥාතීන් පිරිසක් සමඟ සැකකරුගේ දේවාලයට ගොස් ඇති මෙම තරුණිය එම දේවාලයේ සකස් කරන කොවිඩ් මර්දන බෙහෙත් වට්ටෝරුවක් සැකසීමට උදව් කර පසුව එසේ උදව් කිරීම සඳහා නැවත ගිය වරකදී සැකකරු විසින් තරුණියව රවටා ලිංගික අතවර කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
“සාධු කේන්ද්‍රය බලා ඇගේ කායික ශක්තිය දුර්වලයි කියා පැවසුවා. සාධු ආර්ය උත්තමයෙක්.
ශුද්ධ ශක්තිය ගබඩා වී තිබෙනවා කිව්වා. එවැනි පුද්ගලයෙකු තරුණියක් වැළඳගත් විට ඇයට ශක්තිය ලැබී ජීවිතය ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙන බවත් පෘථග්ජන පුද්ගලයින්ට මෙන් සාධු වැනි අයට රාග සිතක් පහළ නොවන බවත් පැවසුවා. සාධුගේ නිදන කාමරයට පැමිණ ඔහුගේ පාද දනිස් මසාජ් කරන්න කිව්වා.
සාධු ආර්ය උත්තමයෙකු නිසා මම එම කටයුතු සඳහා සාධුගේ නිදන කාමරයට ගියා. මට ඒ කාමරයේදී ලිංගික අතවර කරන්න හදන්න ආ විට මම ඊට අකමැති වුණා.
සාධු ආර්්‍යබලයෙන් මාව පොළඹවා ගත්තා”
යැයි වින්දිත තරුණිය පොලිසියට ප්‍රකාශ ලබාදී ඇතැයි ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.
880 Views
Comments