බඩු මිල අඩු කරන්න දන්න ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා නම් ඒ ක්‍රමය අපට කියා දෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
20

බඩු මිල අඩු කරන්න දන්න ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා නම් ඒ ක්‍රමය අපට කියා දෙන්න

බඩු මිල අඩු කරන්න දන්න ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා නම් ඒ ක්‍රමය අපට කියා දෙන්න

භාණ්ඩ මිල තීරණය කරන්නේ ජාත්‍යන්තරය විසින් නිසා ලෝකයේ බඩු මිල වැඩි වෙද්දී මෙරට තුළ ද භාණ්ඩ මිල අඩුවෙන් පවත්වා ගැනීමට නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. එවන් තත්ත්වයකදී මෙරට බඩු මිල අඩුවෙන් පවත්වා ගන්නා ආකාරය දන්නා ආර්ථික ඔස්තාර්වරයෙකු සිටී නම් තමන්ට එම ක්‍රමය කියාදෙන්නැයි ඔහු ඉල්ලා සිටියේය.

 

 

ඉන්ධන, ගෑස්, කිරිපිටි වැනි භාණ්ඩවල මිල තීරණය වෙන්නේ අපේ රටෙන් නොව ජාත්‍යන්තර වෙළෙඳපල විසින් බවද ඔහු පැවසීය. එනිසා ලෝකයේ එම භාණ්ඩු මිල ඉහළ යද්දී මෙරට තුලද මිල වැඩි කිරීමට රජයට සිදුවන බවත් යථාර්ථය එය බවත් ඔහු පැවසුවේය.

 

 

” ගෑස් මිල ගත්තොත් අපේ රටෙන් නෙමෙයි ගෑස් මිල තීන්දු වෙන්නේ. තෙල් මිල ගත්තොත් අපේ රටෙන් නෙමෙයි ඒකේ මිල තීන්දු වෙන්නේ.කිරිපිටි ගත්තොත් අපේ රටෙන් නෙමෙයි කිරිපිටිවල මිල තීන්දු වෙන්නේ. සිමෙන්ති ගත්තත් ඒකේ වැඩි බහුතරයක් තීන්දු වෙන්නේ ජාත්‍යන්තරය තුළ. එතකොට ඒ නිසා ජාත්‍යන්තරයේ මිළ ඉහල යනකොට අපිට සිද්ධ වෙනවා මේ භාණ්ඩ වල ඉහල යෑමක් වෙන්න.ඒක තමයි යථාර්ථය. කව්රු හරි මේ ආර්ථික ඔස්තාර් මහත්තයෙකුට කියලා දෙන්න කියන්න ජාත්‍යන්තරයේ මිල වැඩි වෙනකොට ලංකාවේ මිළ අඩු කරන ක්‍රමය.”

views

715 Views

Comments

arrow-up