ඉන්දසාර හිමියෝ සිය ජන්ම දිනය වෙනුවෙන් අක්කර 10ක වී අස්වැන්න අසරණ දමිළ හා මුස්ලිම් පවුල් 500ක් වෙත පරිත්‍යාග කරති

ඇඹිලිපිටිය හිඟුරආර ශ්‍රී මහා බෝධිරාජ ධර්මායතනයේ විහාරාධිකාරි රන්නේ ඉන්දසාර හිමිගේ 34 වන ජන්ම දිනය සමරමින් අක්කර 10ක යලේ වී අස්වැන්න රක්වානේ වතුකරයේ පදිංචි දමිළ හා මුස්ලිම් අසරණ පවුල් 500ක් වෙත සිය කැමැත්තෙන් පසුගියදා පරිත්‍යාග කරනු ලැබූහ.
ඉන්දසාර හිමිගේ උපන් ගම වන රන්න ප්‍රදේශයේ අක්කර 10ක වගා කරන ලද වී අස්වැන්න මෙලෙස කඳුකරයේ දමිළ ජනතාවට පරිත්‍යාග කෙරුණි.
ඇඹිලිපිටිය, දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ උපදෙස් මත ඉහත වී අස්වැන්න පරිත්‍යාග කිරීම රක්වාන රබර්වත්ත ශාන්ති දමිළ නිවහන අසලදී ඉකුත් දින සිදු කෙරිණි.
ඊට සමගාමීව ඇඹිලිපිටිය මූලික රෝහලේ අලුත උපන් බිළිඳුන් වෙනුවෙන් අත්‍යාවශ්‍යය උපකරණ කට්ටල සහ භාණ්ඩද පරිත්‍යාග කිරීමද සිදුවිය.
මෙම අවස්ථාව සඳහා රක්වාන මුහියදින් ජුම්මා පල්ලියේ ප‍්‍රධාන මව්ලවිතුමාද, ශාන්ති නිවහනේ පාලක මණ්ඩලයේ සභාපති වූ ජවුෆර් සාදික් මහතාද එක්ව සිටියහ.
712 Views
Comments