OCT
13
හොර පාරෙන් ඕස්ට්‍රේලියා යන්න ගිය 65ක් අත්අඩංගුවට

මුහුදු මාර්ගය ඔස්සේ නීති විරෝධි අයුරින් ඕස්ට්‍රේලියාව බලා යෑමට සුදානමින් සිටි 65 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ත්‍රිකුණාමල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනුණේ ත්‍රිකුණාමල ඇතුළු වරාය හාබර් හෝටලයක තාවකාලිකව ලැඟුම් ගෙන සිටියදීයි.
අත්අඩංගුවට ගත් 65 දෙනා අතර පිරිමි පුද්ගලයන් 63 දෙනකු හා කාන්තාවක්ද වයස අවුරුදු 4ක කුඩා දැරියක්ද වන බව පොලිසිය සඳහන් කරනවා.
682 Views
Comments