ඉන්ධන මිල ඉහළ දැමීම ගැන නිලධාරීන් සමග සාකච්ඡාවකට මුදල් ඇමතිගේ අවධානය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන නිලධාරීන් සමග සාකච්ඡාවකට මුදල් ඇමතිගේ අවධානය

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන නිලධාරීන් සමග සාකච්ඡාවකට මුදල් ඇමතිගේ අවධානය

අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍ය මණ්ඩලය හමුවේ පවසා ඇත්තේ පවතින තත්ත්වය හමුවේ ඩීසල් ලීටරයකින් රුපියල් 31 ක සහ පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 15 ක පාඩුවක් සිදුවන බවයි.

 

මේ හේතුවෙන් ඉන්ධන මිල වැඩි කළයුතු බවටයි අමාත්‍යවරයා එහිදී යෝජනා කර ඇත්තේ.

 

 එසේ නොමැති නම් එම පාඩුව පියවා ගැනීම සදහා සහනාධාරයක් ලබාදෙන ලෙසටද බලශක්ති අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

කෙසේවෙතත් එම යෝජනා දෙකටම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ එකඟතාව පළ කර නැහැ.

 

 තවදුරටත් මේ සම්බන්ධයෙන් නිලධාරීන් සමග සාකච්ඡා කර ඉදිරියේදී දෙනුම් දෙන බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

views

646 Views

Comments

arrow-up