මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා-කේන්දරේ රාජ යෝග තියනවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා-කේන්දරේ රාජ යෝග තියනවා

මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා-කේන්දරේ රාජ යෝග තියනවා

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී තමා විශාල දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙක් හෙයින් තමාට ද ජනාධිපති වීමට අවස්ථාවක් ඇති බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

 


2015 තමා ලැබූ දේශපාලන පසුබෑම පන්නරයක් කර ගනිමින් තමන් තම දේශපාලන ගමන දියත් කරන බව අත්තනායක මහතා සදහන් කරයි.

 

තමා තරයේ ජෝතිෂ්‍ය විශ්වාස කරන බව සඳහන් කරන තිස්ස අත්තනායක මහතා තමාගේ කේන්ද්‍රයේ රාජ යෝග ඇති බවද සඳහන් කලේය.

 

එමෙන්ම හේෂා විතාන සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ හැසිරීමට හේතුව ඔවුන්ට දේශපාලන අත්දැකීම් නොමැති වීම බව ද තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

views

787 Views

Comments

arrow-up