බදුල්ල රෝහලට ආ 282 කින් 19කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

බදුල්ල රෝහලට ආ 282 කින් 19කට කොරෝනා

බදුල්ල රෝහලට ආ 282 කින් 19කට කොරෝනා

බදුල්ල මහ රෝහලේ සිදු කළ පී.සී.ආර් සහ රැපීඩ් ඇන්ටජින් පරීක්ෂණවලින් කොරෝනා  ආසාදිතයන් 19 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

 

 

රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ගෙන් 282 කට සිදු කල රැපීඩ් ඇන්ටජින් පරීක්ෂණයේදී  ආසාදිතයන් හත් දෙනකු හඳුනාගෙන ඇති අතර පීසීආර් පරීක්ෂණ 67කින්  ආසාදිතයන් දොලොස් දෙනකු හඳුනා ගත් බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.

 

 

මේවනවිට කොරෝනා ආසාදිතයන් 47ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි .

views

775 Views

Comments

arrow-up