කැලණි ගඟේ පාවී ආ කාන්තා මළ සිරුර

කොළඹ, සේදවත්ත කළු පාලම අසල කැළණී ගඟේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් ඊයේ(19) පෙරවරුවේ ගොඩගෙන ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය පවසයි.
වයස අවුරුදු 55ක් පමණ වන මෙම කාන්තාව වෙළෙදාම් කටයුතුවල නිරතවන්නියක් බවට සැක කෙරෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය කියයි.
මළ සිරුරේ කිසිදු තුවාල සලකුණක් දක්නට නොමැති බවත්, මරණකාරිය හැද සිටි හැට්ටයේ රුවා ගෙන සිටි රුපියල් 1200ක මුදලක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
9328 Views
Comments