පළිබෝධනාශක සහ වල්නාශක ගෙන්වීමට රජයෙන් අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
20

පළිබෝධනාශක සහ වල්නාශක ගෙන්වීමට රජයෙන් අවසර

පළිබෝධනාශක සහ වල්නාශක ගෙන්වීමට රජයෙන් අවසර

මෙරට වගා කටයුතු සඳහා අවශ්‍ය වන අනුමත පලිබෝධ නාශක සහ වල් නාශක පොහොර සමාගම හරහා ගෙන ඒමට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය උදිත කේ රණසිංහ මහතා පවසනවා.

 

එමෙන්ම ගොවියා සදහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීමටද කටයුතු කරන බව ඔහු සඳහන් කළා.

 

මේ අතර මෙරට භාවිතය සඳහා ආනයනය කෙරුණු ද්‍රව නයිට්‍රජන් තොගය පළමු කොටස ඊයෙ මෙරටට ළඟා වූ අතර ලේකම්වරයා සඳහන් කළේ යූරියා 50Kg කොට්ටයක් වෙනුවට මෙම තුන්වන පරම්පරාවේ නැනෝ නයිට්‍රජන් පොහොර අවශ්‍ය වන්නේ 500ml ක් පමණක් බවයි.

views

793 Views

Comments

arrow-up