ජනතාව බැන්නත්, පඹයෝ පිච්චුවත් අපි ජනතාව අතරට යා යුතුයි - අගමැති

දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්‍ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්, ඒ සමඟිය රැකීම ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
ඇතැම් පක්‍ෂ කුඩා විය හැකි නමුත් දේශපාලනයේදී වැදගත් වෙන්නේ ලොකු කුඩා නොව අරමුණ බව කී අග්‍රාමාත්‍යවරයා ‘ඒ කවුරුත් අපේ ආධාරක, කිහිලිකරු හෝ අතකොලු නෙවෙයි. අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය යැයි ද සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී ඊයේ (2) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතා අපහසු දුෂ්කර තත්වයක බව අමතක නොකළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා මෙවැනි කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට බවත්, ජනතාව බැන්නත්, පඹයෝ පිච්චුවත් ජනතාව අතරට යා යුතු බව ද සඳහන් කළේය.
714 Views
Comments