සජිත්ට උසාවි යන්න වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

සජිත්ට උසාවි යන්න වෙයි

සජිත්ට උසාවි යන්න වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසූයේ සෞඛ්‍ය නීති කඩකරමින් උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 

මේ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක්  අරඹා කරුණු සොයා බලා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

 

සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් විවිධ ප්‍රදේශවලින් කැදවූ ජනතාව සහභාගි කරවා ගෙන කොළඹදී ඊයේ පැවැත්විණ.

 

මේ අතර උද්ඝෝෂණ රැස්වීම් සහ  ජන ඒකරාශී වීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් පසුගිය (15) නිකුත් කරනු ලැබීය.

 

 මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ එම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය  නිකුත් කිරීමෙන් පසුවය

views

793 Views

Comments

arrow-up