සවස් කාලයේ බොහෝ ප්‍රදේශ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

සවස් කාලයේ බොහෝ ප්‍රදේශ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ

සවස් කාලයේ බොහෝ ප්‍රදේශ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

අන්දමන් මුහුදේ මධ්‍යම මුහුදු ප්‍රදේශයේ දැනට පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර උතුරු අන්දමන් මුහුද හරහා ගමන් කරමින් ඉදිරි පැය 48 තුළ නැගෙනහිර-මධ්‍යම සහ යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හොඳින් වර්ධනය වනු ඇත

 

දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සහ ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු   මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ බස්නාහිර දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල   සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (50-55) පමණ දක්වා වැඩි විය හැකියි.

 

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවියහැකි අතර සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

733 Views

Comments

arrow-up