ගමන නිමකිරීමට මද දුරක් තිබියදී මල්ලී පැදවූ ත්‍රිරෝදය ගසේ ගැටී අක්කා දිවි ගමන නිමා කරයි - මවට බරපතලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

ගමන නිමකිරීමට මද දුරක් තිබියදී මල්ලී පැදවූ ත්‍රිරෝදය ගසේ ගැටී අක්කා දිවි ගමන නිමා කරයි - මවට බරපතලයි

ගමන නිමකිරීමට මද දුරක් තිබියදී මල්ලී පැදවූ ත්‍රිරෝදය ගසේ ගැටී අක්කා දිවි ගමන නිමා කරයි - මවට බරපතලයි

නුවරඑළිය ප්‍රදේශයේ චාරිකාවක් නිමකර නැවත නිවසට පැමිණෙමින් සිටියදී මුන්දලම දේවාල හංදිය ප්‍රදේශයේ ත්‍රිරෝද රියක් කොහොඹ ගසක ගැටී සිදුවූ අනතුරින් 24 හැවිරිදි තරුණියික් මියගොස් ඇගේ මව සහ සොහොයුරා තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර තිබේ.

 

මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ දේවාල හංදිය, විල්පොත ලිපිනයේ පදිංචි ගුණරත්න අබේසිංහ මුදියන්සේලාගේ අංජලී රුවන්දිමා පියුමන්දී නැමති 24 හැවිරිදි අවිවාහක තරුණියකි.

 

මියගිය තරුණිය තම එකම සොහොයුරා හා මව සමඟ ත්‍රිරෝදයෙන් නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

 

මෙම අනතුර නිවසට මඳ දුරක් තිබියදී දේවාල හංදිය ප්‍රදේශයේදී සිදුව තිබේ.

 

ත්‍රීරෝද රථය මරණයට පත් අගේ සොහොයුරා පදවා ඇති අතර ඔහුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් තරුණිය එම ස්ථානයේම මරණයට පත්ව තිබේ.

 

අනතුරින් ත‍්‍රීරෝද රථය පැදවූ තරුණයා හා මව තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇත. 

views

6746 Views

Comments

arrow-up