බීමත් පුත්‍රයාගෙන් ආරක්‍ෂා වීමට පියා සිදුකල පහර දීමෙන් පුත්‍රයා මරුට

ගොමුගොමුව, කඩවලගෙදර ආසිරි උයන ප්‍රදේශයේදී පියෙකුගේ ජීවිත ආරක්‍ෂාවට සිදුකළ පහරදීමකින් එම අයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව ඇති බවි කුලියාපිටිය පොලිසිය සඳහන් කරයි.
එලෙස මියගොස් තිබෙන්නේ කුලියාපිටිය, ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ලියනගේ දොන් තරිඳු චන්ද්‍රසිරි නොහොත් කලූමල්ලී නැමැති 26 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය තරුණයා දෙවතාවක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය සමඟ අසුවී කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකු වන බවත් සිද්ධියට සැකපිට අදාළව මරණකරුගේ පියා අත්අඩංගුවට ගෙන ඇති බවත් කුලියාපිටිය පොලිසිය කියයි.
අධික බීමතින් නිවසට පැමිණ තිබූ මෙම මරණකරු මව සහ සොහොයුරිය සමඟ බහින්බස්ව කෝපයට පත් මරණකරු සිය කාමරයේ දොර වසා සිය හිසින් දොරට පහරදී සිටියදී ජනේලයෙන් පැන සොයුරිය විසින් මරණකරු බේරා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
එම අවස්ථාවේදී හිසට සිදුව තිබූ තුවාල හේතුවෙන් පළමුව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලටත් අනතුරුව ශල්‍යකර්මයක් සඳහා කුරුණෑගල පළාත්බද මහ රෝහලටත් මාරුකර යවා තිබූ මරණකරු එහිදී මියගොස් තිබූ අතර වෛද්‍යවරුන් මරණය සැක සහිත බවට කළ දැනුම්දීම මත පොලිසිය විමර්ශන අරම්භකර තිබුණ.
පොලිසිය නිවස අවට සිදුකළ මෙහෙයුමෙන් අනතුරුව මරණකරුට පහරදී තිබූ ලේ තැවරුණු යකඩ පොල්ල සොයාගැනීමෙන් පසු නිවැසියන්ගෙන් ඒ පිළිබඳ කළ ප්‍රශ්න කිරීම් වලදී පියා විසින් පුතුගේ හිසට පහරදුන් බව පිළිගෙන තිබිණ.
වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී සිද්ධිය වූ යැයි කියන දින රාත්‍රියේ මවට සහ සොහොයුරියට පහරදීමෙන් අනතුරුව පසු සමඟද බහින්බස්ව ඇති මරණකරු මිදුලෙහි වූ යකඩ පොල්ලක් රැගෙන පියාට පහරදීමට සූදානම් වීමත් සමඟ අසල තිබූ පොල්ලකින් පියා ඔහුගේ ආරක්‍ෂාව පතා මරණකරුගේ හිසට පහරදී තිබූ බවද අනාවරණය වී ඇත.
පොලිසිය විසින් සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබිණ.
797 Views
Comments