පන්ති යමින් සිටි සිසුවිය යතුරු පැදියෙන් ගෙනගොස් පාළු නිවසකදී කෙළෙසූ 19 හැවිරිදි සිසුවා රක්‍ෂිතයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

පන්ති යමින් සිටි සිසුවිය යතුරු පැදියෙන් ගෙනගොස් පාළු නිවසකදී කෙළෙසූ 19 හැවිරිදි සිසුවා රක්‍ෂිතයට

පන්ති යමින් සිටි සිසුවිය යතුරු පැදියෙන් ගෙනගොස් පාළු නිවසකදී කෙළෙසූ 19 හැවිරිදි සිසුවා රක්‍ෂිතයට

උපකාරක පන්තියකට සහභාගීවීමට යමින් සිටි 17 හැවිරිදි පාසැල් සිසුවියක් එම පාසැලේම 19 හැවිරිදි සිසුවෙකු විසින් පන්තියට ඇරලවන මුවාවෙන් යතුරුපැදියේ නංවාගෙන රැගොස් පාලූ‍ නිවසකදී අතවර කර තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා රක්ෂිත බන්ධනාගාර ගතකර ගත කර ඇතැයි මාරවිල පොලිසිය සඳහන් කරයි.

 

මාරවිල දිසා විනිසුරු විසින් සිද්ධියට අදාළ මාරවිල පොලිස් වසමේ සිසුවෙකු වන මොහු ලබන දෙසැම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට පසුගිය 29 වැනිදා නියෝග කළේය.

 

සිසුවිය වෛද්‍ය පරීක්ෂණවලට ලක්කළ බව කියන මාරවිල පොලිසිය පුද්ගලයින් විශ්වාස කරගෙන යතුරුපැදිවල හෝ වාහනවල යෑමෙන් මෙවැනි සිදුවීම් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්ද කළේය. 

 

මෙවැනි සිදුවීම් වළක්වාගැනීමට තරුණියන් බුද්ධිමත් ලෙස හැසිරිය යුතු බවද පොලිසිය පෙන්වාදෙයි.

 

සිසුවියගේ පියා කොළඹ රැකියාවක් කරන අතර මව සමඟ පැමිණ සිසුවිය 27 වැනිදා මාරවිල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබිණි.

views

1151 Views

Comments

arrow-up