ගෑස් හොරට විකුණු අඹුසැමි යුවළ ගෑස් සිලින්ඩර් සමඟ මාට්ටු

ලිට්රෝ ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනකු පිළියන්දල විශ්ව කලා ප්‍රදේශයේදී පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් සමඟ කිලෝග්‍රෑම් 12 දශම 5 ගෑස් සිලින්ඩර විස්සක් සහ කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් පොලිස් භාරයට ගෙන ඇත.
ගෑස් සිල්වර් වෙළඳපොලේ නියමිත මිලට වඩා රුපියල් පන්සියයක් වැඩියෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අලෙවි කරන බවට පිලියන්දල පොලිසියට ලද තොරතුරක් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකර තිබේ.
විශ්ව කලාව ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෙකු ගෙන් ගෑස් ලබාගෙන එම වෙළඳසැල ඉදිරිපිටම තබාගෙන මෙම කූට ජාවාරම සිදුකරමින් සිටි බව වැටලීම සිදුකළ සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
644 Views
Comments