අනුරාධපුරයේ ගණිකා නිවාස 05ක් වටලා සුරූපී කතුන් 11ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

අනුරාධපුරයේ ගණිකා නිවාස 05ක් වටලා සුරූපී කතුන් 11ක් අත්අඩංගුවට

අනුරාධපුරයේ ගණිකා නිවාස 05ක් වටලා සුරූපී කතුන් 11ක් අත්අඩංගුවට

ප‍්‍රදේශයේ මැති ඇමතිවරුන්ගේ සහ උසස් පොලිස් නිලධාරීන්ගේ හිතවත්කම් නිසා පොලිසිය වැටලීම් සිදු නොකරන බවට ගැනුම්කරුවන් හට ප‍්‍රචාරය කරමින්, ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස පහක් වටලා, පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවන් නවදෙනකු ඇතුළු එකොළොස් දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.



අනුරාධපුර දෙකේ කණුව, නව නගරය, ඞී එස් සේනානායක මාවත සහ යාපනයේ හන්දිය ප‍්‍රදේශවල පවත්වා ගෙන ගිය මෙම සම්බාහන මධ්‍යස්ථාන පහ වටලා මෙම පිරිස් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් වයස අවුරුදු 20 – 38 අතර වියේ පසු වන නුවරඑළිය, මීගමුව, පොළොන්නරුව, අරලගංවිල, ගල්නෑව සහ එප්පාවල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.



පොලිස්පතිවරයාට සහ උතුරු මැද පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි අනුව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පවසයි.

 

මෙම ස්ථානවල ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ලෙස පුවරු සවිකර තිබුණත් එහි කිසිදු ආයුර්වේද සම්බාහන ක‍්‍රමවේදයක් අනුගමනය නොකර ගණිකා වෘත්තිය පමණක් සිදු කර ගෙන ගොස් තිබේ.

 

අත්අඩංගුවට ගත් සම්භාහන මධ්‍යස්ථාන දෙකක හිමිකරුවන්ට දේශපාලන හා පොලිස් රැකවරණය වක‍්‍රාකාරයෙන් ලැබී තිබූ බවත් එම වෘත්තියේ නිරත වන කාන්තාවන් ඒ පිළිබඳ ගැනුම්කරුවන්ට පවසමින් ප‍්‍රචාරය කර ගැනුම්කරුවන් වැඩි කරගෙන ඇති බවත් වැටලීම සිදු කළ පොලීසිය සඳහන් කළේය.

 

සම්බාහන මධ්‍යස්ථාන යැයි පවසන මෙම ස්ථාන වලට ඇතුළු වීම සඳහා රුපියල් 1,500ක මුදලක් අය කරන බවත් සම්බාහනය සිදු කරන කාන්තාවගේ විවිධ ක‍්‍රියාකාරකම් අනුව නැවත රුපියල් 2,000 සිට 3,500 දක්වා අය කරන බවද, සැකකාරියන් ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වල දී පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.

views

1065 Views

Comments

arrow-up