නින්දෙන් මුත්‍රා කරනවාට උරණවූ ළමා නිවාස පාලිකාව නව හැවිරිදි පිරිමි දරුවාගේ ලිංගික අවයවයට මිරිස් කුඩු දාලා

දිවුලපිටිය, කඩවල ප‍්‍රදේශයේ ළමා නිවාසයක අධිකරණ නියමයෙන් රඳවා සිටින අවුරුදු 09 ක් වූ පිරිමි දරුවකුගේ ශිෂ්ණයට ළමා නිවාසයේ පාලිකාව විසින් මිරිස් කුඩු දැමීම හේතුවෙන් රෝගාතුර වූ එම දරුවා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලිසිය මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
රෝහල් ගත කෙරුණු දරුවාට රාත‍්‍රී කාලයේදී නින්දෙන් මුත‍්‍රා පිටවීම සිදු වන අතර එයට උරණ වී ඇති පාලිකාව දරුවාව ළමා නිවාසයේ පිහිටි පහළ නාන කාමරයට රැුගෙන ගොස් එම දරුවාගේ ඇඳුම් ඉවත් කර දරුවාගේ ශිෂ්ණයට මෙසේ මිරිස් කුඩු දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම ළමා නිවාසයේ පිරිමි සහ ගැහැණු දරුවන් විසි පස් දෙනෙකු පමණ සිටින බවත් පොලිසිය අධිකරණය හමුවේ කීය.
එම ළමා නිවාසයේ සිටින දරු දැරියන්ට එම පාලිකාව විසින් අනිසි විදියට බලපෑම් සහ තාඩන පීඩන කරමින් අකටයුතු ක‍්‍රියාවන් සිදු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇති හෙයින් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවට දිවුලපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරීක්ෂක සුබසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ පැවසීය.
රෝහල්ගත කර සිටින දරුවාගේ සහ එම ළමා නිවාසයේ වාසය කරන දරුවන්ගේ ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට දිවුලපිටිය පොලිසියට නියම කළ අධිකරණය යම් වරදක් සිදුවී ඇත්නම් එම ළමා නිවාසයේ පාලිකාව ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසද නියම කෙරුණි.
කඩවල ප‍්‍රදේශයේ පිහිටි එම ළමා නිවාසය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ගම්පහ ප‍්‍රධාන පරිවාස කාර්යාලයටද අධිකරණයෙන් වැඩිදුරටත් නියම කෙරුණි.
888 Views
Comments