ජනාධිපතිගේ "පුංච් ගෙදර" ලග විරෝධතා කිරීම දුකයි - අලුත්ගමගේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

ජනාධිපතිගේ "පුංච් ගෙදර" ලග විරෝධතා කිරීම දුකයි - අලුත්ගමගේ

ජනාධිපතිගේ "පුංච් ගෙදර" ලග විරෝධතා කිරීම දුකයි - අලුත්ගමගේ

අධික මුදලක් වැයකර ජනාධිපති මන්දිරය පාවිච්චි නොකරන ජනාධිපතිගේ පුංචි නිවස ඉදිරිපිටට ගොස් විරෝධතා පැවැත්වීම කණගාටුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

 

 

ජනාධිපතිවරයාට ජනාධිපති මන්දිරයේ වියදම සඳහා බිලියන ගණන් මුදල් වෙන්කර තිබියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ බිලියන 1.5 ක් රටට ඉතුරු කළ බව කී අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයාට පරිවාරක රථ 25 ක් පාවිච්චි කරන්නට පුළුවන්කම තිබියදී වාහන තුනක් පමණක් පාවිච්චි කරන බවද සඳහන් කළේය.

 

 

දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මොන තරම් තහවුරු වෙලාදැයි කිවහොත් ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණය කරන්න තරම් රටේ ජනතාවට අයිතියක් තිබෙන බවද අලුත්ගමගේ මහතා පැවසීය.

views

608 Views

Comments

arrow-up