යතුරුපැදි සොරකමේ ගිය හිටපු ගුවන් හමුදා සෙබලා මාට්ටු

කුරුණෑගල සහ මහනුවර නගරවල නවතා තිබියදී සොරාගත් රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමින් යුත් යතුරුපැදි හතක් සමඟ ඒවා සොරකම් කළ බව කියන හිටපු ගුවන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවතගම දෙල්ගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු පියෙකි.
කුරුණෑගල නගරයේ පිහිටි බස් නැවතුම්පොළක් අසල සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටියදී පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පරික්ෂා කිරීමේදී ඔහුගේ යට ඇඳුමේ සඟවාගෙන තිබූ ජීව අත්බෝම්බයක් සහ සාක්කුවක සඟවාගෙන තිබූ තිබූ මත්කුඩු පැකට්ටුවක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඒ අනුව සැකකරුගෙන් කළ වැඩිපුර ප්‍රශ්නකිරීම්වලදී මෙම යතුරුපැදි සොරකමේ සුලමුල හෙළිකරගැනීමට පොලීසිය සමත්වී තිබේ.
සොරාගත් යතුරුපැදිවලින් 05 ක් ඉතා අඩු මුදලට විකුණා තිබියදී සොයාගෙන ඇති අතර තවත් යතුරුපැදි දෙකක් සැකකරුගේ නිවසේ සඟවා තිබියදී සොයාගෙන ඇත.
681 Views
Comments