අදත් පැය 03යි විනාඩි 45ක් විදුලිය නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
15

අදත් පැය 03යි විනාඩි 45ක් විදුලිය නෑ

අදත් පැය 03යි විනාඩි 45ක් විදුලිය නෑ

විදුලි ජනනයට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද(15) “ඒ සිට එල්” පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45ක් ද, “පී සිට ඩබ්ලිව්” දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.

 

“ඒ සිට එල්” කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, “පී සිට ඩබ්ලිව්” දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරු කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම කීය.

views

627 Views

Comments

arrow-up