කපන් නෑ කිව්වට අදත් පැය හතහමාරක් විදුලිය නෑ..

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා අද (8) E සහ F කාණ්ඩවලට පැය හතහමාරක් සහ සෙසු කලාප අටට පැය තුනක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.
E සහ F කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැය 2 විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවත්,සෙසු කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කියයි.
601 Views
Comments