මුල්ලිවයිකාල් වලකින් ගොඩගැනුණු බෝම්බ 220ක් පුපුරුවා හරියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

මුල්ලිවයිකාල් වලකින් ගොඩගැනුණු බෝම්බ 220ක් පුපුරුවා හරියි

මුල්ලිවයිකාල් වලකින් ගොඩගැනුණු බෝම්බ 220ක් පුපුරුවා හරියි

එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් යුද සමයේ දී භාවිතාකරන ලද බෝම්බ 220 ක් මුලතිව් මුල්ලිවයිකාල් ප‍්‍රදේශයේ එකම වළක වළලා තිබියදී පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් 06 දා ගොඩ ගෙන ඇත.



මහජනයාගෙන් ලද තොරතුරකට අනුව මුලතිව් පොලිසිය මෙම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසුව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සහය මත එම බෝම්බ තොගය ගොඩ ගෙන තිබේ.



සොයාගත් බෝම්බ 220 ක ප‍්‍රමාණය පුපුරවා විනාශ කිරීමට තවත් අධිකරණ නියෝගයක් මුලතිව් පොලිසිය විසින් ලබාගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලවා එම බෝම්බ තොගය පුපුරවා විනාශ කිරීමට පියවර ගෙන ඇත.

views

608 Views

Comments

arrow-up