ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, මාර්තු 21 දින පෙ.ව. 5.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී , ගිණිකොනදිග බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් දූපත් මුහුදු ප්‍රදේශයට ආසන්නව උතුරු අක්ෂාංශ 11.9ත් නැගෙනහිර දේශාංශ 93.7ත් (11.9N, 93.7E) ආශ්‍රිතව කේන්ද්‍රගතව පැවතුණි. එම පද්ධතිය අන්දමන් දූපත් ආසන්නයෙන් උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ඉදිරි පැය 12 තුලදී සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි.
නැවත දැනුම් දෙන තුරු උතුරු අක්ෂාංශ 10ත් 17ත් අතර සහ නැගෙනහිර දේශාංශ 92ත් 100ත් අතර මායිම්වන ගිණිකොනදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට (10N-17N, 92E-100E) යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි අනාවැකි පිළිබඳ ව අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලා සිටිනු ලැබේ
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශා වලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
649 Views
Comments