ඇමති ගාමිණි ලොකුගේ රියදුරු මහ පාරේදී මරා දමයි

ලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේගේ ආරක්ෂක රථයේ රියදුරාට අද (21) සවස පොලු මුගුරුවලින් පහර දී තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැ යි කැස්බෑව පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කැස්බෑව මාවිත්තර ගම්මානවත්ත පාරේ පදිංචිව සිටි කණිෂ්ක ගයාන් නමැති හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙක්.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිටින් ඇති මාර්ගයේ ඊයේ සවස තරුණයකු විසින් අධික වේගයෙන් හඬ නංවමින් යතුරුපැදියක් ඒ මේ අත ධාවනය කර ඇති අතර මාර්ගයට පැමිණ තිබූ මියගිය රියදුරා එම තරුණයාට " පුතා යනුවෙන් අමතා මාර්ගය පටු නිසා ටිකක් හිමින් යන ලෙස" පවසා තිබූ බව යි පොලිසිය පවසන්නේ.
එයට උරණ වී ඇති එම තරුණයා එම ප්‍රදේශයේම පිහිටි ඔහුගේ නිවසට ගොස් තවත් පිරිසක් සමග පැමිණ පොලු මුගුරුවලින් පහර දී තියුණු ආයුධයකින් ඇන මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු සඳහන් කර යි.
ඝාතනයට ලක්වූ රියදුරාගේ නිවස ආසන්නයේ මාර්ගයේ මෙම ඝාතනය සිදු වී ඇති අතර, බරපතළ තුවාල ලද රියදුරා පිලියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමත් සමගම මියගිය බව යි වාර්තා වන්නේ.
පපුව සහ උදර ප්‍රදේශයේ තියුණු ආයුධ ප්‍රහාර දක්නට ලැබෙන බවත් රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පවසනවා.
ඝාතනයට සම්බන්ධ පිරිස් සොයා පොලිසියේ ඊයේ 21 රාත්‍රී එම ප්‍රදේශයේ නිවෙස් කීපයකට ගිය ද ඔවුන් ප්‍රදේශය හැර පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කර යි.
කැස්බෑව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.
2666 Views
Comments