පෙම්වතිය මරා ගඟට දැමූ පාපතර පෙම්වතා ඇයගේ දෙමාපියන් සමඟ පොලිසිත් ගිහින් - වැල්ලම්පිටියෙන් ඇසෙන අහස පොළව නුහුලන අපරාධය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

පෙම්වතිය මරා ගඟට දැමූ පාපතර පෙම්වතා ඇයගේ දෙමාපියන් සමඟ පොලිසිත් ගිහින් - වැල්ලම්පිටියෙන් ඇසෙන අහස පොළව නුහුලන අපරාධය

පෙම්වතිය මරා ගඟට දැමූ පාපතර පෙම්වතා ඇයගේ දෙමාපියන් සමඟ පොලිසිත් ගිහින් - වැල්ලම්පිටියෙන් ඇසෙන අහස පොළව නුහුලන අපරාධය

ගම්පහ, දොරණාගොඩ නිවසේ දී තම පෙම්වතියගේ ගෙල සිරකර මරාදමා ඇති පෙම්වතා ඇයගේ මළ සිරුර මෝටර් රථයෙන් රැගෙන ගොස් වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට දමා තිබියදී සොයාගෙන ඇතැයි බෙම්මුල්ල පොලිසිය කියයි.


වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන 22 හැවිරිදි එස්. නදිසා සංදීපනි නමැති තරුණියව මෙලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ ඊයේ(21) කරුණු වාර්තා කළේය.

 

සැකකරු සහ මරණකාරිය වසර 05ක පමණ කාලයක සිට පෙම්වතුන්ව සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 

 

සැකකරු මරණකාරියගේ නිවසට නිතර පැමිණ ඇති බවත් පසුගිය 16 වැනිදා සැකකරු පෙම්වතියව වැල්ලම්පිටිය, සේදවත්ත නිවසේ සිට ගම්පහ දොරණාගොඩ පිහිටි සැකකරුගේ නිවසට මෝටර් රථයකින් ගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

 

සැකකරුගේ නිවසේ කිසිවෙකුත් සිට නොමැති අතර දෙදෙනා අතර ඇතිවූ ආරවුලකදී සැකකරු විසින් තම පෙම්වතියගේ ගෙළ සරකර ඝාතනය කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 

 

අනතුරුව සැකකරු පෙම්වතියගේ මළසිරුර මෝටර් රථයේ දමාගෙන ගොස් වැල්ලම්පිටිය, කොහිල වත්ත ප්‍රදේශයේ දී කැලණි ගඟට දමා ඇති බවත් මළසිරුර ඉකුත් 18 වැනිදා වැල්ලම්පිටිය පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

 

දැනට මළසිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

තම දියණිය අතුරුදන් බවට දෙමව්පියන් වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කිරීමට යෑමයේදී සැකකරු ද දෙමාපියන් සමඟ වැල්ලම්පිටිය පොලිසියට ගොස් ඇතැයි පොලිසිය පැවසීය.

 

සැකකරුව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බෙම්මුල්ල පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.

views

1002 Views

Comments

arrow-up